ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කිහිප දෙනෙක් අද (15දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය චන්ග්යොන්ග් රී, නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය ඈන්-මෙරී ගල්ඩ්-වුල්ෆ් සහ ශ්‍රී ලංකාව සහ මාලදිවයිනෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ආචාර්ය ටුබාගස් ෆෙරිඩානුසෙට්යාවන් යන මහත්ම මහත්මීහු මේ අතර වෙති.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අතිරේක ලේකම් චන්දිමා වික්රමසිංහයන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

