IMF ගිවිසුම වෙනස් කරන්න බෑ කියන ජගතෙක් ඉන්නවාද?
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කර ඇති ගිවිසුම වෙනස් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ ඊයේ(07දා) පැවති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“සමහරු කියනවා ඉස්පිල්ලක්, පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා අයි.එම්.එෆ් ගිවිසුමේ. මේ පිස්සොනේ. මේ මිනිස්සුන්ට යන්න කිව්වම 2020 ඉදලා බෑ බෑ, ඕනී නෑ, දන්නේ නෑ, අපිට පුළුවන් කියපු හාදයෝනේ මේ. ඒ අය කොහොමද අපිට කියන්නේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරලන්න බෑ කියලා. අපිට කියනවාද ඔය ගිවිසුමේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා? කියන්නකෝ නැගිටලා පුළුවන් නම්. ජගතෙක්, උගතෙක්, ශූරයෙක් ඉන්නවා නම් කියන්න. අපි වෙනස් කරනවා. ඒ වෙනස් කරන්නේ මොකද? ඔයාල මේක බෑ කියද්දි, එපා කියද්දි, ඕනී නෑ කියද්දි අපි ගාන හදලා පෙන්වලා දීලා තියෙනවා මේක කළ හැටි. සජිත් ප්‍රේමදාස ඊලගට මේ රටේ ජනාධිපති වන පුද්ගලයා. පීටර් බෲවර්ගේ මුහුණට මුහණ කතා කරලා කිව්වා මේක වෙනස් කරනවා කියලා”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

