පොලිස්පතිවරයාට ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත් ඔහු ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බවත විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ මෙම නිතිවිරෝදී ඇඳිරි නීතිය වහාම ඉවත් කරන ලෙසත් එය සිදුකිරීමට අපොහොසත්වන්නේ නම් පොලිස් නිලධාරීන් ජනතාවගේ මූලික අයිතිවාසිකම්වලට බාධා කරන්නේ නම් පෞදිගලිකවම පොලිස් නිලධාරීන් වගකීමට බැදෙන බවද විපක්ෂනායකවරයා කියයි.
ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් විපක්ෂනායකවරයා වැඩිදුරටත් පවසයි.