IDH රෝහලට ගුවන් හමුදාවෙන් ගොඩනැගිලි දෙකක්
- 24 03 2020
- 19:47
- {{hitsCtrl.values.hits}} views
- ..
කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව, IDH රෝහලේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමෙන් පවතියි.
මෙම ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා, සිවිල් ඉංජිනේරු අධීක්ෂණය යටතේ සිදු කරනු ලබයි. මෙම අංග සම්පූර්ණ ගොඩනැගිලි ද්විත්වය කාමර 16කින් සමන්විත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.
පසුගිය 18වනදා ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිලි දින 14කින් වැඩ අවසන් කළ යුතු වුවත්, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය පැය 24ම මෙහි ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් අපේක්ෂිත දිනට ප්‍රථම මෙහි වැඩ කටයුතු නිම කළ හැකි බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
