තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලික් රණසිංහ මහතා පසුගියදා එම ධූරයේ රාජකාරි ඇරඹීය.
මහාචාර්ය මලික් රණසිංහ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. ඔහු වරලත් , ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරුවෙක් වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයෙක් ද වෙයි. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජික, ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමනාකරුවන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකකි.
මොරටුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකුවන , මහාචාර්ය රණසිංහ මහතා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ හිටපු සාමාජික, හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු කොමිෂන් සභා සාමාජිකු ද වෙයි. ජාතික පර්යේෂණ කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ හිටපු සභා සාමාජිකයෙකි.