GSP+ නැති කිරීමට යුරෝපා පාර්ලිමේන්තුව යෝජනා සම්මත කළා
ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මගින් ලබාදී ඇති GSP+ පහසුකම අත්හිටුවීම වෙනුවෙන් යුරෝපා පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් සම්මත වී ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
ඒ සඳහා ඡන්ද 500කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.කෙසේ වෙතත් මෙම යෝජනාව තවමත් ක්‍රියාත්මක වී නොමැති බවත් එය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත්‍රෙය් ලක්ෂ 6කට 7කට අධික පිරිසකට රැකියා අහිමි වෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එසේම ජිනීවා මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවට අද දිනයේදී ඡන්ද විමසිමක් පැවැත්වීමට නියමිත බවත් එහි ප්‍රතිඵලද භයානක විය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා සංගමය වැනි ආයතන ශ්‍රී ලංකාවට පැමිණ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන දිනය කවදාද? දූෂණ විරෝධී පනත කවදාද ගේන්නේ යනුවෙන් අධිකරණ අමාත්‍යාංශයෙන් ප්‍රශ්න කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ පක්ෂයක්, පුද්ගලයෙක් පිළිබඳව සලකා බලමින් නොවන බවත් ජනතාව ගැන සිතමින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
-
cc Friday, 07 October 2022 04:21 AM
රටේ සියළුම ජනයාට හිතැති මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒ්මට නම් මෙම දූෂිත මන්ත්‍රීවරුන් ගෙදරම යැවිය යුතුවේ. ඒ් සඳහා රටේ සියළු ජනතාව නැවතත් නොරැවටී පක්ෂ පාට භේද නොසලකා අවබෝධයෙන් සිටිය යුතු වේ. නැතිනම් මේ රටට අනාගතයක් නැත. ඒ්තරමටම මේ රටේ වගකිවයුතු බොහෝ තැන් දූෂිතයන්ගෙන් පිරීගොස් ඇත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

