ශ්‍රී ලංකාවේ ජීඑස්පී+ කැපවීම සම්බන්ධයෙන් ප්රත්යක්ෂ ප්‍රගතියක් ලබන ලෙස යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව දිරිමත් කරන ලද බව විදේශ කටයුුත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් - ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම කොළඹදී පවත්වා ඇති අතර එහිදී යුරෝපා සංගමය මේ බව සදහන් කර තිබේ.ෙ
මෙරට පවතින අර්බුදයේ අහිතකර බලපෑම අවම කර, රට තිරසාර සංවර්ධනයක් සහ සෞභාග්‍යයක් කරා ගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළුව, වර්තමානයේ දී මෙරට මුහුණ දෙන පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය සාර්ථකව ජය ගැනීමට රටක් වශයෙන් ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නවලට සහය වීම සඳහා යුරෝපා සංගමය සතු කැපවීම මෙහිදී යළිදු තහවුරු කළ බවද අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2022 වර්ෂයේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ගත් පියවර යුරෝපා සංගමයේ ඇගයුමට ලක් වූ අතර, එහි බැඳීම්වලට අනුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ද පෙන්වා දෙන ලදී. මෑතක දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතයට ගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සිය කනස්සල්ල පළ කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කර ඇත්තේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් බව ශ්‍රී ලංකාව විසින් තහවුරු කරන ලදී. 2021-2022 කාල සීමාව තුළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවියන් නිදහස් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව සිදු කළ යාවත්කාලීන කිරීම පිළිබඳව සඳහන් කළ යුරෝපා සංගමය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලීනව රඳවා සිටින රැඳවියන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේ ය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ව්‍යවස්ථාව මෙන්ම, ජාත්‍යන්තර සම්මතයන් සහ හොඳම භාවිතයන්ට අනුකූලව සහ, 2023 වර්ෂයේ දී එය අවසන් කිරීමේ අරමුණින් එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා පුළුල් ව්‍යවස්ථාදායක යෝජනාවක් සකස් කිරීම සම්බන්ධයෙන් පවත්නා දැඩි කැපවීම ශ්‍රී ලංකාව විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.