රෝහල් පරිපාලකයන්ගේ විද්‍යායතනය මෙම වර්ෂය සඳහා නියෝජ්‍ය සභාපති ධුරයට තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශෙෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ජයග්‍රහය කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් ව්.වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත්කරමිනි.
රොහල් පරිපාලක විද්‍යායතනය තුළත් රෝහල් පරිපාලකයන් පත් කිරීම සම්බන්ධයෙන් හා රෝහල් පරිපාලකයාගේ ශ්‍රේණි සම්බන්ධයෙන් විශාල වශයෙන් අර්බුද රැසක් පසුගිය කාලයේ දී නිර්මාණය වී තිබූ නමුත් දැනට එම ආයතනය සේවය කරන බොහෝ නිලධාරීන් අදාළ පරිපාලන ගැටලු වලට විසදුම් ලබා දීමට අසමත් වීම නිසා කනිෂ්ඨ රෝහල් පරිපාලකයන් ගේ සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ රෝහල් පරිපාලකයන් විරෝධය මෙම ඡන්දය මගින් ප්‍රකාශයට පත්වඇති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ රෝහල් පරිපාලකයෙකු පැවසීය.
රෝහල් පරිපාලකයන් ගේ විද්‍යායතනය දැනට සක්‍රීයව පවතින නමුත් රෝහල් පරිපාලකයින් ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන් දක්වන අලස ප්‍රතිපත්තිය ද මෙම ඡන්දය දී ඉතා ප්‍රබල ලෙස ඉස්මතු වූ බව පැහැදිලි වන බවත් විශේෂයෙන්ම මෙම මැතිවරණයේදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා අදාළ තනතුරට පත්කිරීම සඳහා පිහිටුවා ගනු ලැබූ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධාන රැසක් ඉතා සක්‍රිය කාර්යභාරය ඉෂ්ට කිරීමත් සමග මේ වන විටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහයෝගය දක්වන බොහෝ කණ්ඩායම්වල බලය දියවී යමින් පවතින බවත් මෙම ඡන්ද ප්‍රතිඵල වගේ අවබෝධ වන තවත් රෝහල් පරිපාලකයෙකු පැවසීය.
රොහල් පාලකයන්ගේ විද්‍යායතනය වර්තමාන අධ්යක්ෂ ධුරය දරන්නේ ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ය.