FTZ සේවකයන්ට ජූලි මස මුල් සතියේ සිට එන්නත්
සියලුම නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන් සඳහා ජූලි මස මුල් සතියේ පළමු එන්නත් මාත්‍රාව ලබාදෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) දින පැවසීය.
තිස් වැනි සංවත්සරය සමරන කොග්ගල නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලාවන්හි ආයෝජකයන් සහ එහි කළමණාකරුවන් සමඟ එම වෙළඳ කලාප පරිශ්‍රයේ පැවති හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙම හමුවට සමගාමීව කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
ආයෝජකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී නිෂ්පාදන හා අපනයන කර්මාන්තයේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරිණි.
කොග්ගල ආයෝජන කලාපයේ හඳුනාගත් පොදු ගැටලු සහ එවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
ආයෝජන කලාපයට ලැබෙන ජල පරිමාණය වැඩි කරදෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වූ අතර ඒ සඳහා කඩිනම් පියවර ගැනීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
“පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවක දී වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට එන්නත ලබාදීමේ අවශ්‍යතාව පැහැදිලි කිරීමෙන් අනතුරුව ලංකාවේ සියලුම වෙළඳ කලාප වෙත එන්නත් ලබාදීමට අවශ්‍ය අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව කොග්ගල නිදහස් වෙළද කලාපය ඇතුලුව සෑම ආයෝජන කලාපයකටම ජූලි මස පළමු සතියේ සිට කොවිඩ් - 19 සඳහා වූ පළමු ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ වනවා.”
එය නිෂ්පාදන හා අපනයන කර්මාන්තය වෙත හිමි වූ සුවිශේෂ වරප්‍රසාදයක් යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොග්ගල නිදහස් වෙළඳ කලාපය තුළ ඇගලුම්, ඉලෙක්ට්‍රොනික් උපාංග, රබර් නිෂ්පාදන ඇතුලු විව්ධ ක්ෂේත්රයන්ට අදාළ කර්මාන්ත ශාලා 21ක් දැනට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොග්ගල කලාප අධ්යක්ෂ සිසිල් ප්‍රනාන්දු මහතා මෙහි දී ප්‍රකාශ කළේය.
මෙම වෙළඳ කලාපය හරහා 12840කට සෘජු රැකියා අවස්ථා හිමිව ඇති බව හෙතම කියා සිටියේය.

popular news
-
Samson de silva Sunday, 13 June 2021 11:11 AM
Ethakota angalum karmaantha shaalaawala sewaka sewakayinta covid ennath labaadeema aithiwenne kumana kreedaawakatada? Hmm!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

