කොරියානු ජනරජයේ E-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමගා සාකච්ඡා පැවැත්වීමටත් 2025-02-19 හා 2025-07-01 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමග පැවැති සාකච්ඡාවල ප්රථිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් සෘතුමය සේවකයන් බඳවා ගැනීමට හා ඒ වෙනුවේන අවබෝධතා ගිවිසුමකට එළැඹීමටෙ එකඟතාව පළකර තිබේ.
යෝජිත අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලාංකිකයන්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කලක් (උපරිම මාස 8ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට හා මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලෙසනු ඇත.
ඒ අනුව යෝජති අවබෝධතා ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමග අත්සන් තැබීම පිණිස විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.