රට තුළ දැනට පවතින ඉන්ධන සපයා ගැනීමේ සීමාවන් හේතුවෙන් තම කාර්ය මණ්ඩලයට සේවයට වාර්තා කිරීම පිළිබඳව මතුව ඇති ගැටලු කාරී තත්ත්වය හේතුවෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව සිකුරාදා දිනවල වසා තැබීමට තිරණය කර තිබේ.
රජය මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්ර ලේඛ අනුව දෙපාර්තමේන්තුව එම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් එළැඹෙන 15 දා දෙපාර්තමේන්තුව විවෘතව තැබෙනු ඇත.
ඉන් අනතුරුව සතියේ වැඩ කරන දින 5 තුලට සිකුරාදා දිනය නොවන රජයේ නිවාඩු දිනයක් යෙදුණහොත් හැර සිකුරාදා දිනවල දෙපාර්තමේන්තුව වසා තැබෙනු ඇත.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු.
වාහන ලියාපදිංචි කිරිම් හා පැවැරිම් සඳහා - 070-7677877
රියදුරු බලපත්ර සඳහා - 070-7677977 යන දුරකතන අංක රාජකාරී දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ඇමතීමෙන් ලබා ගත හැක.