D A රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්
මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිරිකිරීමේදි රජයේ මුදල් කෝටි 33ක මුදලක් අවභාවිත කළ බවට එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුවෙන් ජනපතිවරයා නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35/1 වගන්තිය අනුව ජනපතිවරයාට එරෙහිව සිවිල් හෝ අපරාධන නඩුවක් පවත්වාගෙන යෑමට නොහැකි වීම හේතුවෙන් ජනපතිවරයා එම නඩුවෙන් නිදහස් කර තිබේ.
ඒ අනුව ජනපතිවරයාට එරෙහිව පවරා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය යළි භාර දෙන ලෙසද අධිකරණය නියෝග කළේය.
මේ පිළිබඳව ඉදිරි කටයුතු සළකා බැලීම සඳහා නඩුව නැවතත් ජනවාරි 9 දා විභාගයට ගැනීමට නියමිතව තිබේ.
popular news
-
දෙව්මිනි Thursday, 21 November 2019 11:40 AM
වැරැද්දක් කලානම් දඩුවම නියතයි.රජකම් කලත් කලකම් පලදේ. එහෙත් බොරුවෙන් චෝදනා කරානම් එය ඊටත් වඩා බරපතල වැරැද්දකි.
Reply : 89 53
Kumar Sunday, 24 November 2019 07:19 AM
ලඟදි තංගල්ල පැත්තේ යන්න නැතිව ඇති නේද? ඔය කියන ආකාරයට චෝදනා බොරුනම් ඉතිරි චුදිතයන් නිදහස් කරන එක නේද කරන්න ඕනෙ.
Reply : 0 0
Champa Friday, 22 November 2019 06:16 PM
මේ ගැන "ජනපති ගෝඨාභයට නිදහස් හිමි වූ 35වගන්තිය" කියන එකට ලිව්වා. මේ තීන්දුව සම්පූර්නයෙන්ම වැරදියි. මේක අදාල වෙන්නේ බලය ඉන්න ජනාධිපතිවරයෙක් කල හෝ නොකළ ක්‍රියාවකට මිසක් සිවිල් පුරවැසියෙක්ව ඉන්න කොට කරපු දේට නෙමෙයි. මම මේකේ ඉංග්‍රීසි එකත් කියැව්වා. ඒකෙත් පැහැදිලිව තියෙනව මෙහෙම. 35. Immunity of President from suit. (1)While any person holds office as President of the Republic of Sri Lanka, no civil or criminal proceedings shall be instituted or continued against the President in respect of anything done or omitted to be done by the President, either in his official or private capacity: දැක්කනේ, ජනාධිපතිවරයා කල හෝ නොකළ, නිල රාජකාරියක් ලෙස හෝ පෞද්ගලික මට්ටමින් කියල කියන්නේ. ජනාධිපතිවරයා ලෙස කියල පැහැදිලිව කියල තියෙන්නවා. තව කියනවා නිල රාජකාරියක් ලෙස හෝ කියල. ඒ කියන්නෙත් ජනාධිපති විදිහට කල දේවල්. මෙහෙම නිදහස් වෙන්න බැහැ. මෙතනට අදාළ වෙන්නේ ජනාධිපතිවරයා ලෙස ඒ කියන්නේ නොවැම්බර් 16 ජනාධිපතිවරයා විදිහට දුව්රුම් දුන්නට පස්සේ කරපුව. ධනය බලය ඉදිරියේ අධිකරණය නීතිය නවන එක, බයේ හැඟෙන එක හෝ අනාගත උසස්වී
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

