නියෝජ්‍ය කථානායකධුරය සඳහා සමගි ජන බලවේගය විසින් නම්කර ඇති අපේක්ෂිකාව වන රෝහිනී කවිරත්න මහත්මියට සහාය දැක්වීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර තිබේ.
මේ පිළිබඳව සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. ලංකා කම්කරු කොංග්‍රසය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂයකි.