විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරු සමගම යෝජිත විදුලි බල පනතට විරෝධය දක්වමින් රට Black Out කරන බවට ප්රකාශ කර තිබේ.
මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අග්රාමාත්යවරයා සිය අදහස් දැක්වීය. එහිදී අග්රාමාත්යවරයා සඳහන් කළේ රට Black Out කළොත් ඉන්ධන හා ගල් අඟුරු වෙනුවෙන් මුදල් සොයා ගැනීමට නොහැකි වනු ඇති බවයි.
රටට ගල් අඟුරු හා ඉන්ධන මිලදි ගැනීම වෙනුවෙන් ලෝකයේ කිසිම රටක් ලංකාවට මුදල් ලබා නොදෙන බව ඔහු ප්රකාශ කළේය.
ආහාර හා ඖෂධ වෙනුවෙන් ඇතැම් රටවල් මුදල් ලබාදෙන බවත් ඔහු පැවැසිය. ඉන්දීය ණය යෝජනා ක්රමය හරහා ඉන්ධන මිලදි ගැනීම සිදුකළත් මේ වන විට එම ණය යෝජනා ක්රමය අවසන් වෙමින් පවතින බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.
ඒ අනුව ඉන්දියාව සමග තවත් ණය යෝජනා ක්රමයක් වෙනුවෙන් සාකච්ඡා කරමින් යන බවත් රට Black Out කළහොත් ණය ලබා ගැනීමට අපහසු වනු ඇති බවත් අග්රාමාත්යවරයා පැහැදිලි කළේය.