
නවෝද්‍යා පවනි (චීනයේ හයිනාන් සිට)
BOAO ආසියා සංසදය සංසදයේ වාර්ෂික සමුළුව මාර්තු 28 සිට 31 දා දක්වා චීනයේ හයිනාන් ප්‍රාන්තයේ BOAO හි පැවැත්වේ. මෙවර සමුළුවේ තේමාව වී ඇත්තේ "අවිනිශ්චිත ලෝකයක : සංවර්ධන අභියෝග සදහා ස්ථාවරත්වය සහ සහොයෝගීතාව"යන්නයි.
මෙවර සමුළුව සඳහා රටවල් 50ක් පමණ සහභාගි වන අතර, එම රටවල් නියෝජනය කරමින් 2000ක් පමණ සහභාගි වී සිටියි.
කොවිඩ් 19 වසංගතයෙන් පාලනය කිරීමෙන් පසු චීනයේ හයිනාන් හි පැවැත්වෙන ප්‍රථම සහ විශාලතම රාජ්‍ය සමුළුව ද මෙය වේ.
ඊයේ (29දා) දිනයේ දී මාතෘකා කිහිපයක් ඔස්සෙ සාකච්ඡා මණ්ඩප කිහිපයක් සහ මාධ්‍ය හමු කිහිපයක් ද පැවැත්විය.
ගෝලිය ආර්ථික දැක්ම, ගෝලීය භූදේශපාලන දැක්ම, නවීකරණය සඳහා චීනයේ ගමන් මග, තාක්ෂණික තරඟකාරීත්වය සහ සහයෝගීතාව , නිවර්තන කෘෂිකාර්මික සහයෝගීතාවය සහ අපේක්ෂාවන් මෙන්ම තවත් බොහෝ මාතෘකා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
එමෙන්ම ඊයේ (29 දා) දිනයේ වැඩි අවධානයක් යොමු වූයේ "ගෝලිය නිදහස් වෙළඳ වරාය" සංවර්ධනය පිළිබඳවය. මෙහිදී ඊට අනුබද්ධව ආයතනික විවෘත කිරීම සිදු කෙරුණු අතර, මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වීම වෙනුවෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්විණි.
ඉහළ ප්‍රමිතියෙන් යුත් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති ගවේෂණය කිරීමේදී සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීමේදී නිදහස් වෙළඳ කලාපවල (වරාය) භූමිකාවන් සහ කාර්යයන් මොනවාද? , ලෝකයේ නිදහස් වෙළඳ කලාප (වරාය) අතර සහයෝගීතාව ශක්තිමත් කරන්නේ කෙසේද? , RCEP නීති සහ නිදහස් වෙළඳ කලාප (වරාය) ප්රතිපත්තිවල සහයෝගීතා බලපෑම සම්පූර්ණයෙන් සක්‍රිය කරන්නේ කෙසේද? සහ RCEP රටවල් අතර සහයෝගීතාව පුළුල් ලෙස ශක්තිමත් කරන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමු කර තිබුණි.
මෙම මාධ්‍ය හමුවේදී ඉකුත් වසර 5තුළ හයිනාන් දිවයිනේ සංවර්ධනය සහ ඉදිරි දැක්ම පිළිබඳව කරුණු අනාවරණය කෙරුණි. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලයලත් නිලධාරියෙක් පැවසුවේ මෙම නිදහස් වෙළෙඳ වරාය ගොඩනැගීම තුළ ඉන්දියන් සාගරය අවට රටවල් සහ ආසියානු රටවල් සමඟ ආර්ථික කටයුතු සිදුකිරීම පහසු වන බවයි.
2023 BOAO ආසියා සමුළුව නිල වශයෙන් ආරම්භය අද (30දා) සිදු කිරීමට නියමිතය. ඒ සඳහා චීනයේ අගමැති Li Qiang මහතා සහභාගී වීමට නියමිත අතර, ඒ මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිතය.
මෙම අවස්ථාවට ආසියා කලාපයේ රටවල් රැසක රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහභාගිවීමට නියමිතය.