මීගහතැන්න පොලිස් ස්ථානයේ පාලන අංශ ස්ථානාධිපතිවරයාව ඒටිඑම් මැෂින් වලින් මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් කල පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස රාජකාරි කරන පොලිස් පරීක්ෂක වරයෙකු වේ.
හික්කඩුව , බද්දේගම , ගාල්ල සහ කරාපිටිය ප්රදේශයේ පිහිටි රාජ්ය බැංකු කිහිපයකින් එහි පද්ධතිය හැක්කර විදේශිකයන් දෙදෙනෙකු විසින් විශාල වශයෙන් මුදල් සොරාගෙන ඇති බවට කරන පරීක්ෂණවලදී සැකකාර ස්ථානාධිපති වරයාව අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් වේ.
සැකකාර ස්ථානාධිපතිවරයාට අයත් මෝටර් රථයෙන් මුදල් සොරකම් කර ඇති ස්ථානවලට ගොස් ඇති බවට හෙළිව ඇතැයි ද සඳහන් වේ.
අදාල පොලිස් පරීක්ෂකවරයා පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකාර ස්ථානාධිපතිවරයා බලපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බවත් අමුගොඩ සිත්තරගොඩ ප්රදේශයේ දැනට පදිංචිව සිටින බවත් පොලිසිය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පානදුර සුමිත් පොතුපිටිය