අධිකරණයේ විභාග වන නඩු, ඉදිරියේදී අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිත නඩු, තහවුරු නොකරන ලද විමර්ශන තත්ත්වයෙන් පවතින කටයුතු වලට අදාළ ඡායාරූ, වීඩියෝ හෝ සංස්කරණය නොකරණ ලද දර්ශන හා AI තාක්ෂණය හරහා සංස්කරණය කරන ලද හෝ නොකරන ලදව විවිධ මාධ්‍ය හරහා සංසරණය වන දෑ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙවැනි කටයුතු හරහා සාක්ෂිකරුවන්ට හා වින්දිතයට විවිධ අගතිගාමී තත්ත්වයන් ඇතිවන බව පොලීසිය නිකුත් කළ එම නිවේදයේ දැක්වෙයි.

