හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බරපතළ වංචා, දූෂණ විමර්ශන ජනාධිපති පරීක්ෂණ කොමිසමඅද (24දා) දහවල් පැය හයක් පමණ ප්‍රශ්න කළේය.
රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහාඔහු කැඳවා තිබූ අතර, එය රක්නා ලංකා ආයතනය සම්බන්ධයෙන් අවසන් සාක්ෂි සටහන්කරගැනීමදවිය.
බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට මෙම කොමිසම පිහිටුවා ඇති අතරපසුගිය ජනාධිපතිවරණ සමයේදී රක්නා ලංකා ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරණ කටයුතුවලට යෙදවීම ඇතුළු සිද්ධීන් කිහිපයක් පිළිබඳව එම කොමිසම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
රක්නා ලංකා යනු විශ්‍රාමික හා හමුදාවෙන් ඉවත් වූ පිරිස්වලින් සැදුම්ලත් සමාගමකි.
ප්‍රශ්න කිරීම් අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටව යනවිට මාධ්‍යවේදීන් මේ පිළිබඳව ඔහුගෙන් විමසා සිටි අතර, ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් ඔහු“ඔයගොල්ලොන්ට දැන් නිව්ස් නැහැනේ”යනුවෙන් පවසා එතැනින් නික්ම ගියේය.
ඡායා- ඒශාන් ප්‍රනාන්දු