ඔක්ටේන් 95 පෙට්‍රල් හා සුපර් ඩීසල් අවශ්‍යතාව වෙළඳපොළ කොටසින් සියයට 10කට වඩා අඩු බවත් එවැනි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම (වැඩි ප්‍රතිශතයකින්) මගින් අඩුමිල නිෂ්පාදනවල ඉල්ලුම තවදුරටත් ඉහළ යාමට හේතුවක් වෙනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව පවසයි.
“95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් දෛනික අවශ්‍යතා වෙළඳපල කොටසෙන් 10%කට වඩා අඩුය. ප්‍රීමියම් නිෂ්පාදනවල මිල වැඩි කිරීමේ අදහස අපි ගවේෂණය කර තිබෙනවා. දෙකෙහිම මිල සැලකිය යුතු ලෙස ඉහළ නැංවීම විසඳුමක් නොවනු ඇත. එය අඩු මිල නිෂ්පාදන සඳහා කෘතිම ඉල්ලුමක් ඇති කිරීමට හේතුවක් වෙනු ඇත.”