9 වසරේ සිසුවිය ගෙල වැලලාගත්තේ අම්මා ප්‍රේම සම්බන්ධයට අවවාද කළ නිසාද?
බදුල්ලේ විදුහලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යාවක් අම්මාගේ සාරියකින් ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි බදුල්ල නාගරික හදිසිමරණ පරික්ෂක ඩී.එම් .රත්නායක මහතා ඉදිරියේ 26 දා පැවැත්වූ හදිසිමරණ පරික්ෂණයකදී අනාවරණය විය .
මෙම දැරියගේ පියා කලකට පෙර මියගොස් ඇති අතර , මවගේ රැකවරණය මැද මෙම දැරිය ජීවත්ව ඇති බවත් , ප්‍රේම සම්බන්ධයෙක් පිළිබදව මව විසින් අවවාද කිරීමෙන් පසු ,ඇය සිත්තැවුලට පත්ව සිටි බවත් හදිසි මරණ පරීක්ෂණයේ සාක්කි වලින් අනාවරණය වූබව හදිසි මරණ පරීක්ෂක ලීලා රත්න මහතා පැවසීය .
මේ හේතුව මත පෙරදා මෙම දැරිය නිවසින් පිටවී ගොසේ සිටියදී ගම්වැසියන් පිරිසක් විසින් ඇය අල්ලාගෙන විත් මවට බාරදී ඇති බවත් පසුදා මව පොලට ගිය අවස්ථාවේ ඇය මෙසේ ගෙලවැලාගෙන ඇති බවත් හදිසිමරණ පරික්ෂණ යේදී අනාවරණය වී තිබේ .
පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සහ ඉදිරිපත්වූ සාක්කි වලට අනුව මෙය සියදිවි නසාගැනීමක් බවට හදිසි මරණ පරීක්ෂක ඩී.එම්.ලීලාරත්න මහතා විසින් තීරණය කර තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

