කළුතර දකුණ මහහීනටියන්ගල ගොරකානවත්ත ප්‍රදේශයේ පදිංචි 09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු 14 මාස 09 වයසැති දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණයකර අපයෝජනය කිරිම සම්බන්ධය ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇත.
පෙම්වතා විසින් ඇයට වලස්මුල්ල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී පසුව බස්රථයකින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ ඥාති නිවසකට කැඳවාගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්ව ඇත.
සිද්ධිය පිළිබඳව 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත පොලීසිය මඟින් දැරියව අත්අඩංගුවටගෙන ඇත. දැරිය මවගේ භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තංගල්ල රෝහලට ඇතුලත්කර තිබේ.සැකකාර පෙම්වතා අත්අඩංගුවටගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර ඇත.
මොණරාගල සුමනසිරි ගුණතිලක