78 වැනි නිදහස් සැමරුමට ආරාධිතයන් 2000ක්
“ගොඩනගමු ශ්‍රී ලංකා“ තේමාවෙන් මෙවර 78 වැනි නිදහස් දින සමරු උත්සවය නිදහස් චත්රරස්ර පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (29) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති නිදහස් දින සමරු උත්සවයේ නිල මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
පසුගිය වසරේ නිදහස් සැමරුම් උත්සවය ආකෘතිකමය වශයෙන් වෙනසක් සිදු කරමින් පැවත්වූ පරිදි මෙවරද නිදහස් උත්සවයේ කටයුතු සිදු වන බව පැවසූ ඒ මහතා මෙවර ආරාධිතයන් 2000ක් පමණ උත්සවය සඳහා සහභාගී වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නිදහස් දිනය ජාතික වශයෙන් වැදගත් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර අවධානය හිමිවන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලාංකික ජාතිය යන සංකල්පය මෙන්ම සංහිඳියාව, සංස්කෘතික, ආගමික, ජාතික වශයෙන් වැදගත් වන රටේ ජාතික උත්සවය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එසේම පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් නිදහස් දින සැමරුමට සමගාමීව සැමරුම් උත්සව පැවැත්වීම සිදු වන අතර ශ්‍රමදාන, රුක්රෝපණ වැනි විවිධ වැඩසටහන් ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.තවද අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලු සෙසු අමාත්‍යංශ මූලික කර ගනිමින් නිදහස් සැමරුම් උත්සව පැවැත්වෙන බවද හෙතෙම පැවසීය.
ජාතික නිදහස් දින සැමරුමට පෙර පෙබරවාරි මස 2වැනි දින නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වීමට නියමිත බව ද ඒ මහතා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

