රුපියල් හැත්තෑ හත්ලක්ෂ දාහත් දහස් හයසිය තිස් හතරක් (7,717,734) වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් මල්ලේ සඟ්වාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (10දා) උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මහනුවර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි දුරකතන උපාංග ව්‍යාපාරිකයෙකි. අත් අඩංගුවට ගනු ලැබු විදේශීය මුදල් අතර යුරෝ 22,500, ඇමරිකානු ස්ටාලින් පවුම් 15,000 සහ ජපන් යෙන් 1,000,000 ක් වෙයි.