කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්රදේශයේ නිවසක් තුල කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට 29 වන දින සවස කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 75 ක් වූ කිරිඳිවැල ප්රදේශයේ පදිංචිකාරියකි.
විමර්ශන නිලධාරින් විසින් නිවස පරීක්ෂා කිරීමේදී මරණකාරියගේ සැමියා විසින් ලියන ලද බවට සැක සහිත ලිපියක් හමුවී ඇති අතර, මෙම ඝාතනය සැමියා විසින් සිදුකර ඇති බවට පොලිසිය සැක කරනු ලබයි. ඝාතනයට හේතුවක් මෙතෙක් අනාවරණය වි නොමැත. මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සැකකරු වේයන්ගොඩ පොලිස් වසමේදී දුම්රියට පැන සියදිවි නසා ගෙන ඇති බවට අනාවරණය වි ඇති අතර සැකකරුගේ මෘත ශරීරය ද වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.