2026.02.22 දින උදෑසන පුත්තලම පොලිස් වසමේ අඩපනාවිල්ලුව ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ කාණුවක තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට පුත්තලම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 72 ක් වූ රත්මල්යාය, පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු තම ත්රීරෝද රථයෙන් තවත් පුද්ගලයෙකු සමඟ කුලී ගමනක් යමින් සිටියදී ත්රී රෝද රථයේ ගමන්කල පුද්ගලයා විසින් මෙම ඝාතනය සිදුකර ත්රීරෝද රථය හා මුදල් රැගෙන පලා ගොස් ඇති බවට සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇරත.
පුත්තලම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු ත්රීරෝද රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අවුරුදු 16 ක් වූ රත්මල්යාය, පුත්තලම ප්රදේශයේ පදිංචිකරුවෙකි. පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.