බදුල්ල හෑගොඩ නිවසකට ඊයේ (17දා) රාත්රී කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙක් එම නිවසේ හුදකලාව ජීවත්වන 72 හැවිරිදි කාන්තාව බියගන්වා රුපියල් එක්ලක්ෂ තිස්හත් දහසක් (1,37,000) වටිනා ස්වර්ණාභරණ හා රුපියල් පහළොස්දහසක් (15,000) වටිනා ජංගම දුරකථනයක් කොල්ල කා පලා ගොස් ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.
නිවස හිමි කාන්තාව විශ්රාමික රෝහල් සාත්තු සේවිකාවකි. කොල්ල කන ලද ස්වර්ණාභරණ අතර රන්මාලයක්,තැල්ලක් ,වළලූ 6 ක් සහ මුද්දක් වෙයි.