71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා
රාජපක්ෂ පවුල ආරක්ෂා කරන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමේ සාමාජිකයෙක් වීමට තමා කිසිසේත් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී අද (24දා) මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඒ අනුව අවස්ථාවාදී දේශපාලනය සිදු කර රැකවලුන් බවට පත්වෙනවාද එසේ නොමැති නම් ප්‍රතිපත්ති ගරුක දේශපාලනයේ නිරත වන්නේද යන තීන්දුව සියලු පක්ෂ ඉදිරියේ තිබෙන බව සඳහන් කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා,
"මුළු රටම ඉල්ලන්නේ වෙනසක්. නමුත් රටටම ලැබිලා තිබෙන්නේ පරණ දේමයි. කෝප් කමිටුවෙන් මේ රටේ දූෂිතයන්, වංචාකරුවන් පිළිබඳ හෙළිදරව් වන විට අදටත් මේ රජය කරන්නේ හොරුන්ව ආරක්ෂා කිරීම. මිනිස්සු ඉල්ලන්නේ ජීවත්වීමට අවස්ථාව.
අදූරදර්ශී, දූෂිත රාජ්‍ය පාලනයක් නිසා කිරිකැටි දරුවෙකුටත් ජීවිතය අහිමි වුණා. මේකයි අපේ රටේ ඛේදජනක තත්ත්වය. මේ තත්ත්වයට අපේ රට වැටිලා හමාරයි. මේ ඛේදවාචකය ඉදිරියේ අපි නිහඬව සිටිනවාද? අපි නිරුත්තරව, නිරුපද්‍රිතව සිටිනවාද? එසේ නොමැතිව ජන බලයෙන්, ජන සවියෙන් ජනතාවාදී සැබෑ වෙනසක් ඇති කරනවාද? අවස්ථාවාදී දේශපාලනය කරලා රැකවලුන් බවට පත්වෙනවාද? එසේ නොමැතිව ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක නිරත වෙනවාද? ඒ තීන්දුවයි අපි ඉදිරියේ තිබෙන්නේ.
71 වතාවක් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළා දින 52 කුමන්ත්‍රණය පරාජය කරන්න. අද දවසේත් මම අගමැතිකම ප්‍රතික්ෂේප කළේ මේ රටේ මහජන අරගලය පාවා දෙන්නේ නැතිව මිනිස්සුන්ව ජයග්‍රහණය කරවන්න. කරුණාකරලා මට කියන්න එපා රාජපක්ෂ පවුලේ ආරක්ෂාව භාර ප්‍රධාන නිලධාරියා හෝ නිලධාරී කණ්ඩායමට ඇතුළත් වෙන්න කියලා.
එය කරන්න මම කිසිසේත් සූදානම් නෑ. නමුත් මම සූදානම් ප්‍රතිපත්ති ගරුකව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, 20 ප්‍රතික්ෂේප කර 19 බලගන්වලා යහපත් රාජ්‍ය පාලනයක් ඔස්සේ මේ රටේ ජනතාවට අවශ්‍ය මානව හිමිකම්, ආර්ථික හිමිකම්, ජීවත්වීමේ හිමිකම් ලබා දෙන්න" යනුවෙන් සඳහන් කළේය.
popular news
-
Rich Tuesday, 24 May 2022 09:46 PM
Minister Harin Fernando revealed what happened yesterday at 'Salakuna' and there is no reason for us not to believe him. Mr. Sajit, I think you are an inexperienced person and can not make decisions on time. You rely too much on others who provide unnecessary and unrelated information. Under the present circumstances it is very difficult for you to win an election and form a government even if a general election is held. People do not want an election they want food, fuel, gas, electricity, medicine, and milk powder for kids. If Gota-Ranil duo works well collectively and bring back the country to normalcy they will be the next President and PM too. I like President Gota's resilience, and patience when almost everyone including his power-hungry brothers are against him.
Reply : 0 0
anura Wednesday, 25 May 2022 03:46 AM
දේශපාලනය ඇතුළු තවත් බොහෝ දේවලට තමන්ගේ නොහැකියාව ප්‍රසිද්ධයේ කියා පෑම ගැන ස්තූතියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

