70 වැනි නිදහස් සමරු නෝට්ටුව ජනපතිට පිළිගන්වයි
70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (02දා) පිළිගැන්වීය. එම නෝට්ටුව පෙබරවාරි 06 දා සිට බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කිරමට නියමිතය.
සමරු මුදල් නෝට්ටුව අද (පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපතිට පිළිගැන්වීය. මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.
සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප්රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කොළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යෙදා ඇත.
11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පන්සල, පල්ලිය, කෝවිල සහ දේවස්ථානය දැක්වෙන රූප යෙදීම පමණක් සිදු කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

