හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන සියලු වරප්‍රසාද ඉවත් කරගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තරම් මහින්ද රාජපක්ෂ මහතාට මානසික ආබාධයක් ඇතැයි තමන් නොසිතන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. තමන් සතු වරප්‍රසාද ඉවතලමින්, ආරක්ෂකයන් දෙදෙනෙකු සමග ගමන් බිමන් යාමට සහ නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමටහිටපු ජනාධිපතිවරයා කැමති වනු ඇත්දැයි ගැටලු සහගත බවද ඔහු සඳහන් කළේ අද(28) පැවති මාධ්‍ය හමුවකදීය.