ශ්රී ලංකාවේ 67 වෙනි නිදහස් දිනය තෝකියෝහි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් ජපානයේ වෙසෙන ශ්රී ලාංකික ප්රජාවගේ සහ ජපන් ජාතිකයන්ගේ සහභාගීත්වයෙන් යුතුව තෝකියෝහි ‘රේයුකායි’ ශාලාවේදී සැමරීය.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජපානයේ ශ්රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ශ්රී ලංකා -ජපන් දිගු කාලීන සබඳතා සිහිපත් කල අතර ඉදිරියේදී එය තවදුරටත් වර්ධනය වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා පවසා සිටියේ ශ්රී ලංකා-ජපන් නිල රාජත්රාන්තික සබඳතා වසර 60 ක් සැපිරූවද සියවස් ගණනකට එහා ගිය ඉතිහාසයක් දෙරට අතර සබඳතා වලට පවත්නා බවයි.