බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුවන් වෙනුවෙන් රුපියල් 640000ක් බැගින් වූ පුටු 104ක් ආනයනය කිරිමට බස්නාහිර පළාත් සභාව ගෙන තිබූ තීරණය අත්හිටුවීමට බස්නාහිර ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා කටයුතු කර තිබේ.
බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා මේ බව හෙළි කළ අතර ඔහු පැවැසුවේ පුටුවක් 650000ක් බවයි.
කෙසේ වෙතත් බස්නාහි පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවැසුවේ පුටුවක් රුපියල් 640000ක් බවයි.