63 වැනි සංවත්සර උලෙලේදී එකට සිටි අය 64 වැනි සංවත්රයේදී එකට සිටින බවත් එය අනාගතයට සුබ වාදී බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. 64 වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය. තමා මෙතෙක් පැමිණියේ සෙමින් බවත් ඉදිරියට යන්නේද සෙමින් ගමනක් බවත් ඔහු පැවැසීය.
ජනපතිගේ කතාව සැකවින්
වෙනස් වෙන ලෝකය තුළදී රටට වෙස්විය යුතු වෙනවා. ඒ සඳහා දේශපාලන වෙනස්කම් සිදුකළ යුතු වෙනවා. ගැටලු දේශපාල ප්රබලතා මෙන්ම අද දවසේ තිබෙන අභියෝග හඳුනාගත යුතු වෙනවා.
ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනගන්නට මා ඔබට දෑත් දිගු කර ආරාධනා කරනවා.
ජයග්‍රහණය - පැරදීම අමතු දෙයක් නෙමෙයි. එය ප්රජාතන්ත්රවාදී සමාජයක සිදුවන දෙයක්.
පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගැනීමටත් ජනපතිවරණයක් අනාගතයේදී තිබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයින් ජයග්‍රහණය කරවීමට ඔබගේ වගකීම අවශ්‍යයි.
නිදහස් පක්ෂයේ තිබුණාවූ අභියෝග සඳහා පක්ෂය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පක්ෂ නායකයන් ගත්තා. ඒ හරහා රට ඉදිරියට පැමිණියා. ඒ ගමනේදී අත්දැකීම් රාශියක් තිබෙනවා.
මේ රටේ දේශපාලන සංස්කෘතිය 50, 60, 70, 80, 90 දශකයේ සිට මේ දක්වා පිරිහීම් ඇතිවුණා. දේශපාඥයාගේ ගෞරවය ඔහු විසින්ම කෙලසා ගත්තා.
දේශපාලනඥයාගේ චරිත ලක්ෂණ තාක්ෂණික ලෝකයේ වාණිජ්‍ය සමාජය තුළ ජනතාවට පිළිගත නොහැකි ආකාරයට පරිහානියට ලක්වුණා.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ යුද්ධය ජයග්‍රහණය කළා.
මීලග ආණ්ඩුවක් හදන්න අපි සෑම කෙනෙක්ම දශක කිහිපයක් තුළ ඇති වූ දේශපාලන පිරිහීම් තුළ ගුණාත්මක දේශපාලනයක් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශයි.
සෑම කටයුත්තකදම පක්ෂ ලෙස බෙදුනු ක්‍රියාකාරකම් ග්‍රාමීය මට්ටමට කිදා බැස නොකළයුතු දේ සිදුවුණා.
දියුණු රටවල් වල ආණ්ඩු හැදීමේදී කටයුතු කරන ආකාරය , රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. පක්ෂ අතර තිබෙන බෙදීම අවසන් කළ යුතුයි.
මගේ වැඩකටයුතු වල කරන විවේචන වලදී මම කියන්න ඕන මම වේගයෙන් ගමනක් යන කෙනෙක් නෙමයි. මම සෙමින් ගමනක් යන කෙනෙක්. ඒ ගමන කාටවත් නවත්වන්න බෑ. එක ගමනක් සඳහා රට වෙනුවෙන් ගමන් කරන්නට මම උත්සාහ කරන්නේ.
අද වන විට වෛරී දේශපාලනය ගැලපෙන්නේ නෑ. රට ගොඩනගන්න සියලු දෙනාගේම සහාය අවශ්‍යයි.
පසුගිය මැතිවරණ වල ප්‍රතිපල අධ්‍යනය කිරීමේදී අපි සුජාත දේශපාලන දරුවෙක් බිහිවිය යුතුයි.
අපි අවුරුදු 20ක් පක්ෂයක් ලෙස කටයුතු කළා. ඉදිරි දේශපාලන කටයුතු වලදී පක්ෂය පූර්ණ ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා.
නව ලෝකය නව සිතුම් පැතුම් අනුව පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම සංවත්සර උලෙලේදී ප්‍රධාන වගකීමක් පැවරෙන්නවා පක්ෂය පූරණ ප්‍රතිසංස්කරණය කර නව රජයක් බිහිකිරීමට රටේ සියලු ජනකොටස්වලට පිළිගත හැකි පක්ෂයක් බවට මෙය පරිවර්තනය කළ යුතුයි.
අපිට රටක් ලෙස මුහුණ දෙන්න තිබෙන අභියෝග නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට අවධානය යොමු කළ යුතුයි. රට ගොඩනැගීමේදී අපේ වගකීම් මෙනවාද කියා අවධානය යොමු කළ යුතුයි.
ඡායාරූප- තුෂාර තෙන්නකෝන්