60 ඉක්මවූ අයත් පාර්ලිමේන්තුවෙන් යා යුතු බව ගැටඹේ හිමි ජී.එල්ට කියයි
වෛද්‍යවරු හා අනිකුත් රාජකාරිකරන සියලු වෘත්තිකයින් 60 න් පසු විශ්‍රාම යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවත් එලසම පාර්ලිමේන්තුවේ සිටින 60 න් ඉහළ පිරිසත් විශ්‍රාම යා යුතු බව තමන් වහන්සේ යෝජනා කරන බවත් ගැටඹේ රාජපෝවනාරාමාධිපති, රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා ඊයේ (18) ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ සිරිවිමල නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
දේශපාලනඥයින්ට එම නීතිය බලනොපෑම ප්‍රශ්නයක් බවත් අවුරුදු 60 ක් සම්පූර්ණ වූ පසු ශාරිරික හා මානසික වශයෙන් මතුවන ගැටලු හා වෙනත් දුර්වලතා මතුවන බවට තීරණය කර විශ්‍රාම වයසක් තීරණය කර තිබෙන්නේ නම් දේශපාලනඥයින්ට එම ප්‍රශ්න එලෙසම මතුවිය යුතු බවත් උන්වහන්සේ කීහ.
වයස අවුරුදු 60 සැපිරූ දේශපාලනඥයින් ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ගොස් තරුණ අයට අවස්ථාව ලබාදිය යුතු යැයිද උන්වහන්සේ පැවසූහ. ඇතැම් දේශාපලනඥයින් හැරමිටියෙන් යනතුරු පාර්ලිමේන්තුවේ ඉන්නට උත්සහ කරන බවත් මේ බොහෝ දෙනෙක් රටේ නොව තමන් ගේ සුඛවිහරණය ගැන පමණක් කල්පනා කරන බවත් අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.
රටේ සම්පත් විකිණීම නතර කර සියලු පක්ෂ වල නායකයින් එකට එකතු වී රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බවද උන්වහන්සේ පැවසූහ. මෙහිදි ජි එල් පිරිස් මහතා අනුනායක හිමියන් හමුවේ මෙසේ කිය.
"රජයට මුදල් නොමැති බව කිම අමුලික මිත්‍යාවක්. ඇමතිවරුන් හතුවගේ බෝ කරන්න ඕන තරම් සල්ලි තියෙනව.හාමුදුරුවන්ගේ පංසලේ බැම්ම හදන්න සල්ලි නැ. රාජ්‍ය අමාත්‍යවරු 39 ක් පත් කරල යාන වහාන වරදාන කාර්ය මණ්ඩල පෞද්ගලික කාර්ය මණ්ඩලවලට දෙන්න අනන්ත අප්‍රමාණ මුදල් තියෙනවා.
තව කැබිනට් ඇමතිවරු 12 ක් විතර පත් කරන්නත් යනව රාට් ජනතාවට පහසුකම් දෙන්නයි අනිකුත් වැඩ වලටයි සල්ලි නෑ. ඉදිරියේදි විදුලි බිලත් වැඩි කරන්න යනව සියයට 70 කින් ඒ අතර තුර රාජ්‍ය අමාත්‍යවරු 39 ක් පත් කරළා, කැබිනට් ඇමතිවරු 12කත් පත් කරන්න යනව. දැන් මැතිවරණයක් පත් කරන්නත් සල්ලි නැ කියල රජය කියනව මෙය මිත්යවාක්" බව ද ජි එල් පිරිස් මහතා අනුනායක හිමියන් හමුවේ පැවසිය.

popular news
-
චින්තක Monday, 19 December 2022 10:14 AM
මහාචාර්යතුමෝ ඇද්ද අහගත්ත ටික .තමුන්නැහැ 1988 කාලයේ අවුරුදු පනස් ගණනක් වයසේ සිටිමින් පාර්ලිමේන්තුවේ අසුන්ගත්තා.එතකොට දැන් වයස කීයද ඔහේ හාමුදුරුවෝ හම්බවෙන්න ආවෙ කේලම් කියන්න නේද දැන් ඔහේට විශ්වාසවන්ත හාමුදුරුවෝ කියපුදේ අහල පිංසිද්දවෙයි ඔය ගමන්ම ගෙදරට යන්න අදින් පස්සෙ පාර්ලිමේන්තුව පැත්තේ යන්න එපා මහත්තයෝ අනේ සමාවෙන්න හාමුදුරුවනේ හැට පැන්නම වෙනදේ වදාරන ඔබ වහන්සේලාට කියන්න තියෙනදේ කියන්න අමාරුයි අපේ හාමුදුරුවනේ
Reply : 0 0
LGPJ Monday, 19 December 2022 03:40 PM
Hon. Chief incumbent ,Your proposal is excellent. !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

