දෙවන වසරේ ඉගෙනුම ලබන 6 හැවිරිදි දැරියක කාලයක සිට දූෂණය කල බවට සැක පිට එම දැරියගේ පියා හා පියාගේ මිතුරෙක් බව කියන පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස දුෂණයට ලක් ව තිබුණේ ලුණුවිල උතුරු මිරිස්සන්කොටුව ප්‍රදේශයේ දැරියකි. ඇය එම ප්‍රදේශයේම පාසැලක ඉගෙනුම ලබන අතර පියා කුලි වැඩ කරමින් ජීවත් වන්නෙකු බවත් දැරියගේ මව එම පවුල අතහැර ගොස් ඇතැයිද පොලීසිය කියයි.
දන්කොටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් ළමා අයිතිවාසිකම් අංශයට ලැබුණු තොරතුරක් මත එහි නිළධාරින් විසින් වෙන්නප්පුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට කල දැනුම් දීමක් මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
පාසැල් දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා මාරවිල මුලීක රෝහලට ඇතුළත් කර තිබේ.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු