විභාග දෙපාර්තමේන්තුව මගින් රුපියල් පනස්හතර කෝටි හැට දෙලක්ෂ හැට හතරදහස් හාරසිය පනස් දෙකක (546,264,452) ක වියදමක් දරා ටර්න් කි මුද්‍රණ යන්ත්‍රයක් මිලදිගෙන තිබුණද මෙම වර්ෂයේ (2022) පවත්වනු ලැබු 2021 වර්ෂයේ අ.පො.ස උසස්පෙළ විභාගයේ සමස්ත ප්‍රශ්න පත්‍රවලින් එම යන්ත්‍රයෙන් මුද්‍රණය කොට ඇත්තේ සියයට 10ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම විභාග ප්‍රශ්නපත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරිම සදහා මෙකි මුද්‍රණ යන්ත්‍රය සදහා රුපියල් අසුහතර ලක්ෂ විසිඅටදහස් හයසිය තිස්හතක් වටිනා (8,428,637) wrapping solution නැමති අමතර කොටස 2018 වර්ෂයේ දි මිලදිගෙන තිබුණි. එහෙත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් ලබානොගෙන මිලදිගත් දින සිට නිශ්ක්රීයව පැවති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
2021 වර්ෂයේ අ.පො. ස උසස්පෙළ විභාගය සදහා ප්‍රශ්නපත්‍ර 4,898,000ක් මුද්‍රණය කොට තිබුණි. එහෙත් මෙම මුද්‍රණ යන්ත්‍රයෙන් මුද්‍රණය කොට තිබුණේ පිටපත් 509,000ක් හෙවත් සමස්ත ප්‍රශ්නපත්‍ර වලින් සියයට 10කටත් අඩු ප්රමාණයකි.
විභාග ප්‍රශ්නපත්‍රවල මනා නිමාවක් ලබාගැනිම මගින් විභාග අපේක්ෂකයින්ගේ විශ්වාසනියත්වය නංවාලිම හා රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂකරගැනිමේ අරමුණින් මෙකි මුද්‍රණ යන්ත්‍රය මිලදිගෙන තිබුණි.
මෙකි යන්ත්‍රයෙන් උපරිම ප්රයෝජනගත යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත. විභාග දේපාර්තමේන්තුව සම්බන්දයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට වාර්ෂික විගණන වාර්තවේ මෙම තොරතුරු අනාවරණය කොට තිබුණි.
( රවින්ද්රශ්රිලාල් චන්දන සමරවික්‍රම)