වර්තමාන ආණ්ඩුව විසින් රාජ්‍ය සේවක වැටුප රුපියල් දසදහසකින් ඉහළ දැමීම පිළිබඳ පොරොන්දුවට අනුව පෙබරවාරි මාසයේදී ලබාදෙන රුපියල් 5000ක මුදල මූලික වැටුපට එකතු නොකර, දීමනාවක් වශයෙන් ලබාදීමට ගත් තීරණය වහාම හකුළාගත යුතු බව ඒකාබද්ධ වෘත්තීය සමිති කමිටුව සඳහන් කරයි.
පසුගිය ආණ්ඩු සමයේ මූලික වැටුප ඉහළ නොදැමීම නිසා වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමට පෙර රාජ්‍ය සේවක වැටුප රුපියල් දස දහසකින් ඉහළ දමන බවට ලබාදුන් පොරොන්දුව ඉටුකරනු ඇතැයි රාජ්‍ය සේවකයන් බලාපොරොත්තු වූ බවද එම සංගමයේ කැඳවුම්කරු ටී.එච්. සෝමරත්න මහතා සඳහන් කළේය.
එහෙත් එම පොරොන්දුව ඉටුනොකරමින් රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට සැලසුම් කර තිබෙන බවත්, මෙයට එරෙහිව සෞඛ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යමණ්ඩල ශ්‍රේණි 27කට අයත් 30,000කට අධික පිරිස් සහ රාජ්‍ය සේවකයන් එක්ව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවද පවසා සිටියේය.
ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අද (18දා) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවද සෝමරත්න මහතා සඳහන් කළේය.