කෝවිඩ් මර්දන එන්නතෙහි 04වැනි මාත්‍රාවක් නිර්දේශ කර ඇති රටවලට යෑමට අපේක්ෂා කරන පුද්ගලයන්ට, එම එන්නත් මාත්‍රාව මෙරටදී ලබාගත නොහැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ, කෝවිඩ් මර්දන එන්නතෙහි 04 වැනි මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් තීරණය කර නොමැති බවයි.
ඒ අනුව විදෙස්ගතවන්නන් සඳහා 04වැනි මාත්‍රාවක් අවශ්‍ය වේ නම් එය විදෙස්ගත වූ පසු අදාළ රටේ ක්‍රමවේදයන්ට අනුව එරට තුළදී ලබාගැනීමට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.