ජර්මන්වින්ග්ස් ගුවන් සේවයේ සහාය නියමුවා ප්‍රංශ ඇල්ප්ස් කඳුකරයේ හප්පමින් අනතුරට ලක්කළ 4U 9525 යානයේ ගමන් කළ පුද්ගලයන් 150 දෙනාගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් අවසන් කළ බව ප්‍රංශ බලධාරීහු පවසති.
ප්‍රදේශයේ තිබී හමුවූ සිරුරු කොටස්වල ඩී.එන්.ඒ. පරීක්ෂණ මගින් ඒවා කවුරුන්ට අයත්ද යන්න ගැන හඳුනාගැනීම් තවදුරටත් සිදුවන බවද ඔවුහු පැවසූහ.
කෙසේ වෙතත් යානය අනතුරට ලක්කළ සහාය නියමු ලුබිට්ස් 2009 වසරේදී පුහුණු නියමුවෙකු ලෙස කටයුතු කරන සමයේ සිට දැඩි මානසික ආතතියකින් පෙළී ඇති අයෙකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.
එමෙන්ම, සිය ගුවන් යානා බලපත්‍රය ලබාගැනීමට පෙර ඔහු සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
ඔහුගේ නිවස හා පරිගණක පරීක්ෂා කිරීමේදී ගුවන් යානයක් අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් වූ ක්‍රම හා නියමු කුටියේ ආරක්ෂක පද්ධතිය පිළිබඳවද මෙම අනතුරට පෙර ඔහු විසින් අධ්‍යයනයට කොට ඇති බවද අනාවරණය වී තිබේ.