4U 9525 සහාය නියමුවා වේගය වැඩි කරමින් යානය කන්දේ හප්පලා
ප්රංශයේ ඇල්ප්ස් කඳුකරයේදී අනතුරට පත් 4U 9525 ජර්මන්වින්ග්ස් යානයේ සහාය නියමුවා යානය ඉහළ අයසේ සිට කඳුකරය වෙත පහළට ගෙන ඒමේදී හිතාමතාම එහි වේගය උපරිම ලෙස වැඩි කර ඇති බව කළු පෙට්ටියේ තොරතුරු මගින් අනාවරණය වන බව ප්රංශ බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ සහාය නියමු ලුබිට්ස් එහි ඔටෝ පයිලට් පද්ධතිය කිහිප වරක්ම සීරුමාරු කරමින් යානයේ වේගය වැඩිකරමින් එය පහළට ගෙන ගොස් ඇති බවයි.
එමෙන්ම යානයේ නියමු කුටියේ තිබූ කළු පෙට්ටියේ තොරතුරු අනුව යානය හිතාමතා අනතුරට ලක්කළේ යැයි කියන සාධකයන්ද මෙම ප්රධාන හා දෙවැනි කළු පෙට්ටියේ තොරතුරු සමග සනාථ වන බවද ඔවුහු පවසති.
බාසිලෝනා සිට ඩුඑස්ල්ඩෝර්ෆ් වෙත පුද්ගලයන් 150ක් සමග පියාසර කරමින් තිබූ ලුෆ්තන්සා ගුවන් සේවයට අනුබද්ධිත ජර්මන්වින්ග්ස් යානය පසුගිය මාර්තු 24 වැනිදා මෙසේ අනතුරට පත්විය.
පසුගිය බ්රහස්පතින්දා සොයා ගැනුණු යානයේ දෙවැනි හා ප්රධාන කළු පෙට්ටිය යානයේ ඉරණම පිළිබඳ පැහැදිලි සාක්ෂි සපයා තිබේ.
යානයේ සහාය නියමුවා දැඩි මානසික පීඩනයකින් පෙළුණු අයෙකු බව මේ වනවිට අනාවරණය වෙමින් පැවතුණත්, ලුෆ්තන්සා මවු සමාගම එය නොදන්නා බව පවසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

