42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
42 වැනි ජාතික මීලාදුන් නබි උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (26) පස්වරු 3.00ට මීගමුව පෙරියමුල්ල අල්-හිලාල් විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.
“සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම” යන තේමාව යටතේ මෙවර ජාතික මීලාදුන් නබි උත්සවය සංවිධානය කර තිබේ. උත්සවයට සමගාමීව ලේ දන්දීමේ කඳවුරක්, පැළ සිටුවීමේ වැඩසටහනක්, “Visit My Mosque” සංස්කෘතික වැඩසටහනක් සහ නබිතුමාගේ ජීවන දර්ශනය ඇසුරෙන් විශේෂ ප්‍රදර්ශනයක් ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලි 12ක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමද මෙවර උත්සවයට සමගාමීව සිදු කෙරේ. මීට අමතරව, විශේෂ ග්රන්ථයක් එළිදැක්වීම සහ සමරු මුද්දරයක් නිකුත් කිරීමද උත්සවයට සමගාමීව සිදු කිරීමට නියමිතය.
ජාතික මීලාදුන් නබි උත්සවය මගින් ආගමික සහජීවනය, සහෝදරත්වය සහ සමාජ එකමුතුව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

