37 ලක්ෂයක් වැයකර පුහුණු වැඩමුළුවක් පවත්වලා
විදේශ ආධාර ව්‍යාපෘති අරමුදල් මගින් ක්‍රියාත්මක කරණු ලබන පුහුණු වැඩමුළු මිල අධික හෝටල්වල නොපැවැත්විය යුතු බවට දැනුම් දි තිබුණද එයට පටහැනිව ද්විතියික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහනේ මධ්‍යම ආයතන සදහා ඒකාබද්ධ වැඩසටහන විසින් රුපියල් තිස්හත්ලක්ෂ,හැටඅටදහස් හැත්තැදෙකක (3,768,072) මුදලක් වැයකොට තුල්හිරිය ප්‍ර දේශයේ හෝටලයක පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
2024 වර්ෂයේ දි මෙම පුහණු වැඩමුඵව පවත්වා තිබුණි.විදේශ ආධාර ව්‍යාපෘති අරමුදල් මගින් ක්‍රියාත්මක කරණු ලබන පුහුණු වැඩමුළු මිල අධික හෝටල්වල නොපැවැත්විය යුතු බවත් රජය විසින් පහසුකම් සපයනු ලබන ආයතන භාවිතා කරමින් අවම වියදමකින් පැවැත්විය යුතු බවට ජාතික අයවැය චක්‍රලේඛ මගින් දැනුම් දි තිබුණි.
රට තුල ද්විතියික අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරිම, ද්වීතික විද්‍යාව, තාක්ෂණය, ගණිතය හා වාණිජ්‍ය යන වැඩසටහන්වල ගුණාත්මකභාවය අදාළක්වය වැඩිදියුණු කිරිම මෙම වැඩසටහනේ අරමුණ වේ. එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සදහා පළාත් සහ පාසල් ධාරිතාවය ශක්තිමත් කිරිම සහ ආංශික කළමණාකරණ ධාරිතාව ශක්තිමත් කිරිම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.
මේ පිළිබදව ද්විතියික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහනේ මධ්‍යම ආයතන සදහා ඒකාබද්ධ වැඩසටහනේ කළමණකාරිත්වය විසින් විගණනයට කිසිදු අදහසක් ඉදිරිපත් කොට නොතිබුණි. ද්විතියික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහනේ මධ්‍යම ආයතන සදහා ඒකාබද්ධ වැඩසටහන සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
