නීතිවිරෝධී ලෙස මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගයක් චීනය බලා රැගෙන යෑමට තැත් කළ චීන වැසියන් තිදෙනකු ඊයේ (16දා) සවස කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 35 , 37 සහ 40 යන වයස් වල පසුවන මෙම චීන ජාතිකයන් තිදෙනා තම ගමන් මලු තුනක සඟවා මේවා නීතිවිරෝධී අයුරින් චීනයට රැගෙන යෑමට උත්සාහ කර ඇත.
තේ අඩංගු ටින් තුනක් තුළ ග්රෑම් 350 ක් බර මෙම වියළන ලද මුහුදු අශ්වයන් 265 ක් අසුරා ගෙන තිබූ අතර , මීට අමතරව රුපියල් 1,60,000 ක් පමණ වටිනා කොතළ හිඹුටු වලින් සකසන ලද භාජන 08 ක් ද එම ගමන් මලු වල තිබුණි .
මෙම මුහුදු අශ්වයන් සෙන්ටිමීටර 6 සිට 11 දක්වා වූ දිගකින් යුක්ත වූ අතර , ඔවුන් යොදා සාදනු ලබන විශේෂ සුප් වර්ගයක් පානය කිරීම නිසා තම පරමායුෂ වැඩි වන බව චීන ජාතිකයෝ විශ්වාස කරති.
මෙම චීන ජාතිකයන් මේවා මීගමුව ප්රදේශයෙන් අධික මිලකට මිලදී ගෙන තිබූ බව රේගුව සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන තිබුණි . මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගය රාජසන්තක කළ රේගුව චීන ජාතිකයන්ට අවවාද කර නිදහස් කර ඇත.