නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති පිල්ලයාන් ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්රාත් හා අධිකරණ විනිසුරු එම්.ගනේෂරාජා මහතා අද (06 දා) නියෝග කළේය. ඔහු අත්අඩංගුවට පත් අවස්ථාවේ සිට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු 33 වන අවස්ථාව මෙය විය.
2015 වසරේ මඩකලපුව දිස්ත්රික් දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධයෙන් අද නඩුව කැඳවූ අවස්ථාවේ විනිසුරු මෙසේ නියෝග කළේය.
මඩකලපුව - ජවුෆර්කාන්