මිරිස්ස ප්‍රදේශයේ ඇති සියලුම සංචාරක හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතු බවට ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, අද (19දා) මාතර, කඹුරුගමුවේදී මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදීය.
ඒ අනුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය හා මත්පැන් බලපත්‍ර නීති 100&ක් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට හෙතෙම එහිදී අවධාරණය කර සිටියේය.
එසේම, මිරිස්ස ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ ප්රගමනය උදෙසා දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙසත්, එළැඹෙන 26 වැනිදා තමාගේ මූලිකත්වයෙන් එහි මංගල රැස්වීම වැලිගමදී පැවැත්විය යුතු බවටත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා නීතිය හා සාමය අමාත්‍යවරයාත්, සංචාරක අමාත්‍යවරයාත් සමග පැවැත්වීමට තීරණය කර ඇති බවත් රත්නායක මහතා පැවසීය.
මෙම සාකච්ඡාවට පොලීසිය, දක්ෂිණ සංවර්ධන නිලධාරීන් හා ප්‍ර‘දේශයේ සියලු හෝටල් හිමියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.