තමන් නොදැනුවත්ම නුවර එලිය ආසන සංවිධායක ධුරයෙන් තමන් අයින් කර තිබෙන බවත් ඒ වෙනුවෙන් පස් දෙනෙක් දමා තිබුනත් එම පස් දෙනා තමන්ට වැඩි නොමැති අතර සි බි රත්නායකගේ එක මයිල් ගහක් හොල්ලන්න බැරි බව හිටපු අමාත්‍ය නුවර එලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සි.බි රත්නායක මහතා පොළොන්නරුවේදී පැවති ජන හමුවකදී පවසා සිටියේය.
අද 15 දා පෙරවරුවේ පොලොන්නරුව නවනගරය ප්‍රදේශයේදී මෙය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, බැදුම් කර සිද්ධියත් එක්ක දැන් අපේ මෛත්‍රිපාල ජනාධිපති තුමාට වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අඹු නහී මග හිටියොත් තෝ නහි කියන දේ. සම්මුති වාදී ආණ්ඩුවක් ගන්න .එල හරකයි මී හරකයි බැදලා දැන් උන් දෙන්නා දෙපැත්තට අදිනවා. දැන් ගෙන්න යනවා විශ්වාස භංගයක් මේකෙන් ගැල වීම සදහා ක්‍රියාත්මක වෙන්න ඕනේ සමහර වෙලාවට පෙබරවාරි 10 ට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා මේ රටේ අග්‍රාමාත්‍ය වරයා වෙන්න පුළුවන්. මත් ද්‍රවය ගැන කතා කරනවා.දැන් කිසි කරදරයක් නෑ, උදේ 8.00 ඉදන් රෑ 11.00 වෙනකම් ගහන්න පුළුවන්. කාන්තාවන්ටත් පුළුවන්. අපේක්ෂකත්වය දුන්නා වගේම වැඩ කරන්නත් පුළුවන් ගහන්නත් පුළුවන් අනේ දෙයියනේ කෝ මතට තිත.
මන් පක්ෂයේ උප ලේකම් අවුරුදු අටක් මෛත්‍රිපාල උන්නැහේ පක්ෂයේ මහා ලේකම් අවුරුදු දහා තුනක් මම දන්නේ නෑ හැබැයි නුවර එළියේ සංවිධායක ධුරයයෙන් අයින් කරලා හැබැයි අපි ජන වරමකින් අවේ,ජන වරමක් අපිට තියෙනවා.මම අයින් කරලා පස් දෙනෙක් දාලා පස් දෙනාට වැඩිය දැම්මත් මට වැඩි නෑ සි.බි රත්නායකගේ එක මයිල් ගහක් හොල්ලන්න බෑ පස් දෙනා මට වැඩි නෑ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේය.