මත්පැන් අලෙවි සැල් පෙ.ව 8.00 සිට රාති‍්‍ර 10.00 දක්වා විවෘතව තැබීමට අවසර ලබාදෙමින් හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම පිළිබඳ පනවා තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය වහාම අවලංගු කිරීමට තමා මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බව ජනපකි මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් පැවසීය.
ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අද ප්රජාතන්ත්රවාදය සහ නිදහස සමග ඉතා පැහැදිලි පාලනයක් රට තුළ ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එම නිදහස භුක්තිවිදීම මනුෂ්‍යත්වය තුළ සිදුවිය යුතු බවත් ඇතැම් අය එම නිදහස අහිමි කිරීමට අද මාර්ග සකසමින් සිටින බවත් කියා සිටියේය.