30ට අඩු පිරිස් එන්ත්කරණය හම්බන්තොටින් පටන් ගන්නේ ඇයි?
වයස අවුරුදු තිහට අඩු පිරිස් සදහා එන්නත්කරණය කිරීම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට හේතුවු සෞඛ්‍ය සහ විද්‍යාත්මක පදනම කුමක්දැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ප්‍රශ්ණ කළේය.
රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාතෙන් හෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් එම වයස් කාණ්ඩයේ එන්නත්කරණය ආරම්භ නොකරන්නේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හමබන්තොටින් වාර්තාවන නිසාද, නැතිනම් රටේ ආර්ථිකයට වැඩිම දායත්වයක් ලබාදෙන දිස්ත්‍රික්කය බවට දැන් හම්බන්තොට පත්ව තිබෙන නිසාදැයි ඔහු ප්‍රශ්න කළේය.
“එන්නත්කරණය පිළිබද බරපතල ගැටලුවක් මේ වන විට නිර්මාණය වෙලා තියෙනවා. අපි කියපු වෙලාවේ එන්නත් ගේන්නේ නැතිව, දැන් හරි එන්නත් ගෙනැල්ලා එන්ත්කරණය කිරීම ගැන අපි සතුටු වෙනවා
ලෝකයේ හැම රටක්ම එන්නත් කරණය සදහා යොදා ගන්නේ සෞඛ්‍ය අංශ. සෞඛ්‍ය අංශවල සහායට හමුදාව යොදා ගන්නවා. ඒත් ලංකාවේ හමුදාව මූලිකත්වය අරගෙන සෞඛ්‍ය අංශ දෙවැනි තැනට වැටිලා.
එන්නත කොතැනටද ගහන්නේ, කොයි ප්‍රමාණයෙන්ද ගහන්නේ කියන තීරණයත් සෞඛ්‍ය අංශවලින් ගිලිහිලා. කොවිඩ් පිළිබද සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනිය ජනවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද එන්නත්කරණය කිරීමේ ප්රමුඛතාවයන් පැත්තකට දාලා තියෙනවා.
ඉදිරි පෙළ සිටින සෞඛ්‍ය අංශයේ, හමුදාවේ හෝ වෙනත් ඉදිරිපෙළ ගැටෙන කණ්ඩායමට මුලින්ම එන්නත්කරණය කළ යුතු බව එහි සදන් වුනා. ඊට පස්සේ වැඩි වයස් ඛාණ්ඩයේ සිට එන්නත්කරණය කළ යුතු බව සදහන් කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ එම නිර්දේශ පැත්තකට දාලා තම තමන්ගේ හිතවතුන්ට එන්නත්කරණය කරන්න ගත්තා. හැටට වැඩි අයට එන්නත්කරණය කිරීම අමතක කළා.
එහි ප්‍රතිඵළ අපි විදිමින් සිටිනවා. අද කොවිඩි් මරණවලින් සියයට 95ක්ම එන්නත් නොලැබුණ අවුරුදු 60ට වැඩි අයයි. ආණ්ඩුව වෙලාවට එන්නත් ගෙනාපු නැති නිසා, ගෙනාපු එන්නත් වයස 60ට වැඩි අයට නොදී වෙනත් අයට දීපු නිසා තමයි මේ මරණ සිදුවන්නේ. මේ සදහා රජය වගකිව යුතුයි. ඒ සදහා උද්දච්ඡු තීන්දු ගන්න ජනාධිපතිවරයා වගකිව යුතුයි.
එක් එක් එන්නත් කුමන වයස් ඛාණ්ඩවලටද වඩාත් සුදුසු කියලා තියෙනවා. ෆයිස්ර, මොඩර්නා වගේ එන්නත් වැඩි වයස් ඛාණ්ඩවල අයට ගහගෙන පහළ වයස් ඛාණ්ඩවලට එන්න කියලා තමයි කිව්වේ. ඒක තමයි ලෝක සම්මතය.
එහෙත් අපේ රටේ ධීවරයින් හා ගැටෙන නිසා, පුත්තලම, මීගමුව මන්නාරමට එම එන්නත් දෙන බව කිව්වා. ඒක සෞඛ්‍ය අංශ නිර්දේශයක්ද? නුවරට ස්පුට්නික් එක් එන්නතක් පමණක් දුන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද?
අවුරුදු තිහට අඩු ජනතාවට එන්නත්කරණය පටන්ගන්නේ හම්බන්තොටින්. හම්බන්තොටට අරගෙන යන්නේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ඒ පැතිවල ජනතාවට එම එන්නත දෙන එක හොදයි. හැබැයි මේ තීන්දු ගන්නේ කුමන නිර්ණායකයක් මත පදනම්වද? රටේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබාදෙන්නේ එම ප්‍රදේශයෙන්ද? එහෙම නැතිනම් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ හම්බන්තොටින්ද? අපි දෛනික රෝගීන් වාර්තාවීමේ සංඛ්‍යා අරගෙන බැලුවම හම්බන්තොටින් දිනකට වාර්තාවන්නෙ රෝගීන් දෙසීයක් තුන්සීයක් විතර. නමුත් කොළඹ, බස්නාහිර පළාතේ තත්වය බරපතල තත්වයකි.
කොළඹ තමයි බොහෝ දෙනා රැුකියා කරන්නේ. රාජ්‍ය සේවකයින් වැඩියෙන් එන්නේ, ආර්ථිකය රදා පවතින්නේ කොළඹ. මමත් දකුණේ නිසා දකුණට එන්නත් දෙන එක හොදයි. ඒත් මම දකුණේ නිසා දකුණට එන්නත් දෙන එකද, විද්‍යාත්මක ක්රමයද වැදගත්වන්නේ කියන එකයි.
දැන් විද්‍යාත්මක ක්‍රමය, සෞඛ්‍ය අංශ කියන දේ පැත්තකට දාලා, අද දේශපාලනයට අවශ්‍ය ආකාරයට සහ මිලටරීකරණයට අවශ්‍ය ආකාරයට එන්නත් කරණය කරනවා. අද හමුදාවේ ගෞරවය, වටිනාකම හෑල්ලුවට ලක් කරන දේශපාලන න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. සෞඛ්‍ය අංශ කියන සියලුම දේවල් පැත්තකට දාලා රෝගීන්ගේ ජීවිත ගැන හිතන්නේ නැතිව දේශපාලනය ඉස්සරහට දාගෙන යන වැඩපිළිවෙලක් තමයිි අද ක්‍රියාත්මක වෙන්නේ"

popular news
-
සනත් ගමගේ Sunday, 05 September 2021 12:06 PM
කිඹුල්වතින් හමන සුළඟත් මට සැපයි එහෙත් සමස්ථ ලෝකවාසීන්ට කැපවෙනව. -බුදුරජාණන් වහන්සේ
Reply : 0 2
Deepal Nirosh Sunday, 05 September 2021 04:03 PM
හම්බන්තොටින් නැතුව කොහෙන්ද පටන් ගන්න කියන්නෙ? තමුන් බලේට ආවොත් තමුන්ට පුළුවන් තමුන්ට අවශ්‍ය තැනින් පටන් ගන්න. උත්තරය දැන දැනත් බොළඳ ප්‍රශ්න අහන හැටි?
Reply : 0 2
swene Monday, 06 September 2021 06:51 AM
එහෙ තරුණයෝ වැඩියි. තරුණ කටයුතු ඇමති, පියා වන අගමැතිගේ සහ පරපුරේ ගම නිසා විය හැකියි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

