විශේෂ පාර්ලිමේන්තු දිනයක් සේ සලකා අනිද්දා (28දා) දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
කැළි කසළ කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කුත් කළ ගැසට් නිවේදනය සහ මීතොටමුල්ල කසළ කන්ද නායයාමේ සිදුවීම සම්න්ධයෙන් මෙදින පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට නියමිතය.
එමෙන්ම එදින පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (26දා) උදෑසන කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීම සඳහා අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලීම් කළ යුතු අතර, 28 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන ලෙස කථානායකවරයාට අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත.
පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතු අතර, අද (26දා) එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මේ අතර 28 වැනිදා පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවිය යුතුද යන්න පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමෙන් වෙන වෙනම විමසා ඇති අතර, මන්ත්‍රීවරුන්ගේ බහුතර මතය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හරහා කථානායකවරයාට දැනුම් දී ඇත.
එම බහුතර මතයට අනුව 28 වැනිදා පාර්ලිමේන්තුව විශේෂ දිනයක් සේ සලකා කැඳවනු ඇත.