එළැඹෙන 27 දා දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරන්නේ ලංවිමට විදුලිය නිශ්පාදනය කිරීම සඳහා එදින දක්වා අවශ්‍ය ඉන්ධන තොග ලැබී ඇති බවයි.
මේ අතර දැනට අක්‍රීය වී ඇති නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයද එළැඹෙන 27 දා තෙක් පද්ධතියට එක්කිරීමට හැකියාවක් ඇති බව වාර්තා වෙයි. එය එසේ ක්‍රියාත්මක කරවිමට හැකිවුවනොත් පද්ධතියට මොගා වොට් 300ක ධාරිතාවක් එක්වීමට නියමිතය.