පසුගිය අගෝස්තු 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ අධිවේගී මාර්ග භාවිත කළ වාහනවලින් රුපියල් 124,574,925ක ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
එම දින දෙක තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ ධාවනය වූ මුළු වාහන සංඛ්‍යාව 325,316ක් බව සඳහන් වේ.
අගෝස්තු 26 වනදා වාහන 163,763ක් අධිවේගී මාර්ග භාවිත කර ඇති අතර, එදින ලැබූ ආදායම රුපියල් 60,409,995කි.
අගෝස්තු 27 වනදා අධිවේගී මාර්ග භාවිත කළ වාහන සංඛ්‍යාව 161,553ක් වන අතර, එදින රුපියල් 64,164,930ක ආදායමක් උපයා තිබේ.
මේ අතර, එම දින දෙක තුළ වැඩිම වාහන ගමනාගමනයක් වාර්තා වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගය (E01) සහ කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගය (E02) ආශ්‍රිතව බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.